Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

යුරාජ්ගේ සටහන ~ Uraj Online

13 Nov, 2009

විලි ලැජ්ජයි රටකට ගිය කලක්….!!!

පළකරන ලද්දේ : urajonline විසින් වර්ගීකරණය නොකළ තුලයි.

රට කුරිරු ත්රස්ථවාදයෙන් බේරා ගත් යුධ සෙන්පතියෙකුට, සිංහලයට දැක්විය හැකි ඉහළම ගෞරවය, ඊයේ කැළණිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මහාතාට කැළණියේදී දේශපාලු හෙංචයියන් හූ කියමින් පිලිගැන්නුව. ලැජ්ජයි….!!

අනේ රටකට ගිය කලක්….!!

http://www.elakiri.com/forum/showthread.php?t=277836

මෙම අදහස දේශපාලනික මතයකින් ඉදිරිපත් කළ එකක් නොවන බව පිළිගන්න. මෙසේ උදව් අරං පසුව විසි කරන තුචිත ගතිපෙන්වනවිට යුද්ධය තිබ්බා නම් මීට වඩා හොඳය, මන්ද මේ සිද්ධි නිසා සිංහලයාගේ මතක ශක්තිය සතියක් පමණියැයි කියන ප්රභාකරන් “අමු” සත්යවාදියෙක් වන බැවිනි.

Thanks to BRAINY @ ElaKiri (http://www.elakiri.com/forum/member.php?u=68727) and බින්කු கனிஷ்க NArada.

07 Nov, 2009

මම WordPress වලට මාරු උනා….. :D

පළකරන ලද්දේ : urajonline විසින් මගේ වැඩ තුලයි.

ඔන්න මමත් WordPress වලට මාරු උනා……!!

My Blog වල (You Tube) උඹේ බටේට Support කරන්නේ නැති ප්‍රශ්නයක් ආවා…. :(

ඒ වගේම WordPress වල තියෙන ගොඩාක් වැඩ කෑලි නිසා, මම My Blog වලට ටටා බායි කියලා, WordPress වලට මාරු උනා…. :D

කට්ටිය මගේ අළුත් නිවහන පැත්තේ ඇවිත් යන්න එන්න…. :)

www.urajlk.wordpress.com

06 Nov, 2009

මගේ වැඩක්…..අඩු කඩාගන්න තියෙන ආසාවක්….!!

පළකරන ලද්දේ : urajonline විසින් මගේ වැඩ තුලයි.

මගේ වැඩක්….. :) Drive කරන ගමන් Video කරපු නිසා, Speed එක නම් එච්චර නෑ…..!! :P

මේ මගේ, එළකිරි එකේ 9332 වෙනි පෝස්ට් එක…..!! (9332 වෙනි පොස්ට් එකේ විශේෂත්වය තමයි, මගේ Car එකේ Number එක 9332 වීම….. :D ) (ඒ වගේම මේක මගේ මුල්ම “උඹේ බටේ” (You Tube) Upload කරපු Video එක සහ එළකිරි එකේ මගේ මුල්ම You Tube පෝස්ට් එක…. :) )

http://www.elakiri.com/forum/showthread.php?t=271241

මේක මම ඊයේ (2009 Nov 05) බියගම, පවර් හවුස් එක ලග ඉදන්, සියඹලාපේ හංදියට එන ගමන් ගත්ත Video එකක්…..!! :D

Driving + Video Capturing දෙකම මම තනියම…. :) (Using Sony Ericcson P1i)

කොහොමද වැඩේ….. :P

වාහන වැඩි වෙලාවක නිසා 100 Km/h පන්න ගන්න බැරි උනා….. :( බස් එකක් 110 Km/h වේගෙන් ඔය පාරේ අරන් යන මට, මේ Car එකෙන් 100 Km/h ට යන එකත් වැඩක්ද….. :P

හික්ස්…..!! :lol:

මේවා ට්‍රයි කරලා බලන්න යන අය, මතක තියා ගන්න ඕනා දෙයක් තමා, “වේගය මරු කැදවයි” බව….!! :(

22 Aug, 2009

පොලිස් සෙල්ලම්

පළකරන ලද්දේ : urajonline විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අපරාධ කොට්ටසයක් බාර දුන් නිසා කොට්ටසය පුරාම හිතුමතේ අපරාධ කල හෑකි බව වාස් සිතුවේය. බිරිදත් පුතත් තවත් සෙට් එකකුත් සමග ගොස් නිපුනයාට පොරි හෑලෙන්න දුන්නේ තමන්ට දුක නෙතුව අපරාධ කරන්න අපරද කොට්ටශයක් ම තිබෙන නිසාය. 

කොලුව පාතාල සාමජිකයෙක් බවට බ්වුතිස්ම කර මරා දමන ප්ලෑන තිතට වෑඩ කල බෑවින් වාස්ගේ මායියා කොල්ලගෙ බෙල්ල උඩ පවා නෑගගෙන වාස්ට දාන සෙල්ලන් වලින් එකක් දෙකක් කොල්ලාටත් දන්නට ට්‍රයි කලාය. 

විකට්පොලු හොකී පිති මෙන්ම අතින් පයින් කොලුවට නෙලූ පසු දෙමටගොඩ අපරද කොට්ටශයට යලි ගෙනවේය. එහිදී බොරෑල්ලේ ඔල්කට් තුමා සමග අනියම් සම්බන්දයක් පවත්වන බවට වාස් , කොල්ලගෙන් ලියුමකට අත්සන් ගන්නට හෙදුවේය.

ඔල්කට් තුමා වෑන්නෙකු හදුනගන්නට හෑකි නම් තොට නරක් වෙල තියෙයි බල්ල කියූ වාස් අතසන් කරපිය පරය කියා තව පාරක් කොල්ලගෙ කන අතගෙවෑය. කොල්ලට ලෙඩි බීටර් කෙනෙකු වන්නට බෑරි උනේ මව පිය අතුලු බාර කරුවො එතනට කෙල ගෙන ආ නිසය. 

මගේ රවිදු පුතට ඔයගොල්ලන්ගෙ පුතා හොදටම ගහල හරි අසාද්යයි. ඉකි ගසා එසේ කී වාස් නිපුනගේ දෙමපියන් ඉදිරියෙ ස්වබාවික ලෙස හඩා වෑලපුනේය. දෙමපියන් විපක්ශිතව යද්දී රත්නපුරෙන් ආ නෑයෙකු සිතුවේ අපේ එකා විබගය ඉවර වී යන ගමන් කෙලින්ම පොලිසියට බෑදී මෙවෑනි අන්ග පුලාවක් නෑති වෑඩක් කලාවත්ද කියාය. 

කෙසේ වෙතත් දෙමපියන් මෙතනට නාවානම් නිපුනයා ගෑන පත්තරේ යන්නේ බොරෑල්ලේ ඔල්කට් නෑමති පතාල නයකයගේ ගෑන්සියේ දරුනු පාතාල උප නයකයෙකු කොළබ අපරද කොට්ටශයේ අත් අඩන්ගුවට පත්වීමන් පසු තෙමෙම වෙඩි තබ ගෙන කලක්‍රියා කොට ඈත යන ප්‍රවුත්තියයි. 

පාතල කාරයන් අතේ මනචු දමගෙන සිටියත් ගගේ පෑන පීනා පලා යාහෑකි බවත් උන් සමහර විට මන්චු පිටින්ම වෙඩි තබා ගන්නා බවත් තමන් කියන කතාව ජනතාව තරයේ විස්වස කරන බව වාස් දෑන සිටියේය. චමින්ද වාස් තරම් තමන්ද නරබන්නට ශුවර් බව දෑන සිටි නමුත් වාස් ගේ ඈහි බෑම අසන්නයේ ලෙදර් බොල්යක් වෑදුනු කලෙක මෙන් සෑලී ගියේ තම සෑලසුම ලීක් වෙන්නට පටන් ගත් විටය. 

පත්තර වල මොනවා ගියත් වාස් එවා අමතක කර තකහනියෙම මන්නරම් ගොස් බොම්බ ලොරියක් ඈල්ලුවේය. අපරදෙ කියන්න බෑ වාසා අර කොල්ලගෙ හතර හන්දි කෑඩුවත් දේශ ප්‍රේමී වෑඩ කරන බව කවුරුත් පාහේ කියන්නට වුහ.එහෙත් හෑරෙන තෑපෑලෙන් ඩී අයි ජී ලෙව්කේ වාස් බ්ලාස්ට් කලේය. 

බොමබ ලොරිය අතෙ පත්තු කරගත් වාස් කෙලින්ම ගියේ සත්තරයක් අහන්න ය. ලෙව්කේ තම්න්ගෙ ගිය අත්මේ හතුරෙකු බවත් පසුගිය අත්මයෙ දෙදෙනාම පොලිසියේ රාජකාරී කරන කරන විට වාස් නිසා මීට සමාන ම අවුලක් ලෙව්කේ හදගත් බවත් එහි පලිය මේ අත්මෙදී ඔහු ගන්නට අති බවත් සත්තර කරු කීය.

ලබන අත්මෙදී පලි ගන්නම් කියා සිතු වාස් මේ අර්බුදයේදී ජනධිපතිතුම මොනව කරයි ද කිය සත්තර කරුගෙන ඈසුවේය. ලන්කවේ විදයකය ක්‍රියකරන ආකාරය සත්තරේකට තියා අන්ජනමකටවත් කිව නොහෑකි බව කියමින් සත්තර් කරු වාස් ගේ අත ගසා දෑම්මේය. 

වාස් ගෙදර ගියේ සහලවල උන අරගෙනය. ඈදට වෑටුනු වාස් හීනයක් දෙක්කේය. නිපුනය සමග පෑමිනි මහිනද රත්නතිලක නෑමත්තෙකු තමන්ගේ ඔලුවට් පරල ඈනයක් ගෑසුවෙය. ඈන පෙට්ටියක් අතේ තබාගෙන සිටි පුන්චිනිලමේ නෑමෑත්තෙකු ගගක් අයිනේ හිනාවෙවී බලා සිටියෙය. 

නිපුනයත් ලෙසි පහසු පොරක් නොවන බව වාස් තෙරුම් ගනිමින් සිටියේය. ඔහුට ඈහෙරුනේ අගමෑතිතුමා තමන්ට ත්‍රස්තවාදීයා යයි හොරන සිට බෑන වදිනු අසීමෙනි. පසුදා හෙතෙම අපරද කොට්ටශයෙන් මුලස්තානයට මාරුකොට බරපතල දඩුවමකට යටත් කොට තිබිනි. 

සිසුවාට පහර දුන් වාස් ගේ පුතා රිමන්ඩ් බාරයට පත්වුවත් ඔහුට හඩිස්සියේ වෑලදුන මනසික ආබාදයක් නිසා නුහුගුන තත්වයක් අති විය. රවිදු වසාගෙන් කට උත්තර ගන්නට පොලිසිය ගියත් මිනිහට තමන්ගෙ නම ගමවත් නිච්චියක් නොතිබිනි. තම්න්ගෙ නම අසූ නිලදරියෙකුට ඔහු උත්තර දී තිබුනේ අන්ඩුව හොදයි කියාය. 

පියගේ නම කුමක්දෑයි ඈසූ විට හිනාවී බොරෙල්ලේ ඔල්කට් යයි කීවේය. එක අරන්චි වු වාස්ට මල පෑන්නත් ටික වෙලාවකින් හිතුනේ එක ඈත්ත වූවත් වෙලාවෙ හෙටියට වෙඩේ නරකමත් නෑහෑ යනුවෙනි. නිපුන ට පහර දුන්නේ ඈයි කියා අසූ විට තරමක් සිහි එලවගත් කොල්ල කිය තිබුනේ අම්මත් තාත්තාත් තමන්ට ගහන්න දෙයක් ඉතුරු නොකල බවය. 

වාඅස් ගේ ෆමිලි එකත් එක්ක නිපුනය ගහන්න ගිය පොලිස් නිලධරීන් රොත්තක් රිමාන්ඩ් කෙරුනි. කෙහිලිය මාද්යට කියා තිබුනේ ඒ පිරිස සිද්දියේ පලමු සෑකකරුවන් නිස අතඩන්ගුවට ගෙන තිබෙන බවයි. පසුව අවශෙශ සෑකකරුවන් වසයෙන් වාස් බිරිද සහ පුතා අතඩන්ගුවට ගනු ලබන බවය. 

එ අනුව ඒ එකොලොස් දෙනාගේ උවමනාවට නිපුනට පහර දෙන්නට වාස් මහත්මිය හා පුතා අරගෙන ගොස් අති හෙයින් ඒ දෙදෙනා අවශේස සෑක කරුවො වෙති. පොලිසිය වාස් බිරිද ඈල්ලිමට දෙහිවල නිවසට ගියේය. එ වන විටත් ඈය නන්ගිලගෙ ගෙදර ගොස් තිබුනි එහෙත් ගේම් වල අරක්සාව පතා වාස් ගෙ බිරිද නන්ගිගේ ගෙදර අති තෑන වාස්ටවත් නොකියා තිබුනි. 

මේ සිද්දිය නිසා තම්න්ගෙත් පුත්ගෙත් බිරිද්ගෙත් අපරාධ කොට්ටශයෙ කටයුතු ඈන හිටීමෙන් තිදෙනාගේම දීප්තිමත් අනාගතය අදුරු වු බව වාස් පත්තරෙට කිය තිබුනි. විසේසයෙන් අපරද කොටටශයේ බොහෝ කටයුතු මෑඩ පවත්වන්නේ බිරිද ගේ උපකාරයෙන් බවත් කියූ ඒ මහතා එයා මන් බරද බලපන් කියා කගේ හෝ ඔලුව උඩ නෑග්ගොත් එ තඩි කක්කා පුච්චට යටවෙන එකා තමන්සෙම කුචිත වෙන බවද කීවේය. 

පෙතිර යන අලුත් අරන්චියට අනුව පොලිසිය දෑන් පුද්ගලයන් මරා දමන්නේ දෙන්නා දෙන්න බවයි. නිපුනය තනියෙම හසුවූ බෑවින් වෙඩි නොතියා තෝ පල කියා එලියට ඈද දමන ලදී. නමුත් අගුලනේදී එකෙක් තනි කරන්නට හොද නෙතෑයි සිතු පොලිසිය දෙන්නටම බෑස්ටිය දුන්නේය. 

ඊට විරොදය පාන්න ආ පිරිස හබා ආ රනවිරුවෙකු ආ සෙනින්ම තම්න්ට මෙතෙක් කල බොදි පූජා තෑබූ එකෙක් ගේ කන පෑලුවේය. රණ්විරුවන්ට ජය වෙවා කියම්න් සෙස්සෝ පෑන දිවූහ. සමහරු දුවන ගමන් ප්‍රරබගේ අම්මාවත් මතක් කලහ. පොලිසිය අගුලානේ තරුනයන් දෙදෙනාගේ හත් දොහේ දානේට කරහන්න පොරොඬු වූව පමනක් නොව අවස්යනම් කස්ටිය මරා දෙන්නටද පොරොන්දු විය. 

විමලනාත් වීරරත්න 23.08.2009 රාවය

http://www.elakiri.com/forum/showthread.php?t=232039

 

ElaKiri

Pahan’s බ්ලොග් ප්‍රසිද්ධ කරවා ගැනීමට ඵල ඇති රුකට ගල් ගැසීම නැවතත් කරලියට පැමිණ තිබේ.

ඔන්න හැමෝටම සුභ ආරංචියක් ඔයාලාගෙත් බ්ලොග් වල ට්‍රැෆික් වැඩි කරගන්න අවශ්‍ය නම් හොදම දේ තමා එළකිරි (www.ElaKiri.com) එකට මඩ ගැසීම.

මේක කරලා බලපු දෙන්නෙක්ම, ලොකු ගේමක් දීලා තමන්ගේ ට්‍රැෆික් වැඩිකරගත්ත හැටි හැමෝම දන්නවා.

දැන් අළුත්ම ක්‍රමය තමා, ආටිකල් එක අස්සට, එළකිරි ඇඩ්මින්ට බලන්න කියලා ගූගල් ලින්ක්ස් දාන එක (හිතාගෙන ඇත්තේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා වෙන්න ඇති).

අනේ, ඔය මඩ මහත්වරුනේ, ගූගල් ලින්ක්ස් දෙක තුනක් දාපු ගමන් ඔයාලගේ බ්ලොග්ස් උනත් අහු වෙනවා තමා ගූගල් සර්ච් එකට.

පුලුවන් තරම් මඩ ගහන්න. ඒක ඔයාලගේ ආසාවනේ. අපි ඔයාලාට එක හිතින් සුභ ප්‍රාර්ථනා කරනවා, තව තවත් ට්‍රැෆික් වැඩි වේවා කියලා ඔයාලාගේ බ්ලොග් වලට.

හොරෙන් හොරෙන් එළකිරි එකේ බ්ලොග් පැත්තෙත් ආවට අපි මුකුත් කියන්නේ නෑ හොදේ. 

EK is BACK, with a SURPRISE! 

එළකිරි අගුණ මහත්වරුණි, එළකිරි අගුණ නම් ඒ පැත්තේ ආවේ නැතුවට කමක් නෑ. අපි තරහා වෙන්නේ නෑ.

නමුත් මේ වගේ 2.50 මඩ ගහලා තමුන්ගේ බ්ලොග් ට්‍රැෆික් වැඩි කරගන්න ගමන්, එළකිරි වගේ කන්දක් පාත් කරන්න හිතනවා නම්, ඔය මහත්වරුන්ට කියන්න වෙන්නේ, ඔබතුමාලා වගේ බල්ලෝ බිරුවට, එළකිරි වගේ කදු පාත් වෙන්නේ නෑ කියලා තමයි.  

එළකිරි එකේ අළුත් පෙනුම සහ නව පහසුකම් දැක්කහම, පොඩියට වගේ ඊරිසියාවක්, ඔය එළකිරි අගුණ මහත්වරුන්ට ඇති වෙන එක අහන්නත් දෙයක් නෑ. 

Join වෙන්න අපේ එළකිරි fan page එකත් එක්ක මුහුණු පොතේ. 

www.ElaKiri.com is on Facebook

 ජයවේවා….!!!

18 May, 2009

මාගේ දේශය අවදි කළ විරුවනි!

පළකරන ලද්දේ : urajonline විසින් වර්ගීකරණය නොකළ තුලයි.

මාගේ දේශය අවදි කළ විරුවනි!

 

 

තිස් වසරක ත්‍රස්තවාදයේ ශාපයෙන් අපගේ මාතෘ භූමිය මූදා ගනිමින් දෙවැනි ජාතික නිදහස් අරගලය විජයග්‍රහණය කිරීමට දායක වූ අභිමානවත් ලංකා පූත්‍රයන්ට අපගේ උත්තමාචාරය පූද කරමින් ම අද අපි මෙම තීරුව ආරම්භ කරන්නෙමූ. ඒ ඓතිහාසික විජයග්‍රහණය දෑසින් දකින්නට පෙර සිය ප්‍රාණ වායූව මේ මිහි තලයටම මූසූ කළ ඒ විරු දරුවන් ද අපි මෙවේලෙහි සිහිපත් කරන්නෙමූ. ඒ ජාතික නිදහස වෙනූවෙන් අඛණ්ඩව, අභීතව එයට දිරි දෙමින් ද, ඒ උත්තරීතර කැපවීම අගයමින් ද ඉනද්‍රඛීලයක් සේ දිවයින ද සිටි බව මේ ඓතිහාසික නිමේෂයෙහි සඳහන් කිරීමට අපට ද අයිතියක් තිබෙන බව නිහතමානීව ලියා තබමූ.

 

ලෝකයම සිය ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කම්පනයට පත් කළ ෆැසිස්ටිවාදී ම්ලේච්ඡ ඝාතක සංවිධානයක නායක වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමූඛ ඔහූගේ දෙටූ සගයන් සියල්ලම දැන් මරුමූවට පත්ව සිටිති. මරණය යනූ කිසිවකුට සතුටූ විය හැකි, උදම් විය හැකි අවස්ථාවක් නො වන බව ඇත්ත ය. එහෙත් මේ ශාපකාරී මිනිසාත්, ඔහූගේ ඝාතක ෆැසිස්ටිවාදී නඩයක් මියයෑමේ පූවත එකී ත්‍රස්තවාදයෙන් බැට කෑ රටට මෙන්ම ජනතාවට ද සූබ ආරංචියක් වනූ නො වැළැක්විය හැකි ය.

 

පිස්සූ බල්ලකු මියගියත් “අනේ අනිච්චං” යැයි කීමට පූරුදුව සිටින අහිංසක මනසක් සහිත ජනතාවක් වූවද ඔවූන්ට මේ මරණය කිසිඳු කම්පාවට හේතු නොවේ. මක්නිසාද යත්, ප්‍රභාකරන්ගේ කුරිරු ත්‍රස්තවාදයෙන් මූළු රටම ඒ තරමටම හෙම්බත් වී තිබිණි. මූළු මහත් ජනතාවම ඒ තරමට ම පීඩනයට ද, භීතියට ද පත්ව සිටියහ. ප්‍රභාකරන් ඇතුළු ඔහූගේ ෆැසිස්ටිවාදී මෘගයන් විසින් මේ රට ඇද දමන ලද්දේ බිහිසූණූ අඳුරකට ය.

 

ප්‍රභාකරන්ගේ දුෂ්ට ඊළාම් අරමූණ වෙනූවෙන් පෙරදිග මූතු ඇටය ලෙයින් නැහැවූ සාහසිකයන් රැළක් එබඳු මරණයකට ලක්වීම කිසිවකුගේ කම්පනයකට හේතුවක් විය හැකි ද? සිංහල, දෙමළ, මූස්ලිම් සහෝදරත්වය ගිනි තබමින්, ඇවිල ගිය ත්‍රස්තවාදයේ ලැව්ගින්නේ ඓතිහාසික වගඋත්තරකරුවන්ට හිමිවන මරණය නො මැනවැයි කිව හැක්කේ කාට ද?

 

ප්‍රභාකරන් වෙනූවෙන් ඇප කැප වූ ත්‍රස්තවාදයෙන්ම යස ඉසූරු සාදාගත් ජාති භ්‍රෂ්ටයන්ට ද බටහිර අධිරාජ්‍යවාදී රූකඩ විසින් නඩත්තු කරන ලද සිංහල බෞද්ධ වෙසින් සිටි ඇතැම් සටිටඹියන්ට ද මාගේ දේශය “අහෝ අපගේ බත් ටැඹ වැනසිණ” යි දුකක් සෝකයක්, සංකාවක් ඇති වී ඇත්නම් අපි පූදුම නො වෙමූ. ඒ හැර මේ මව්බිමට ආදරය කළ කිසිවකුට අබැටක තරම් සංවේගයක් නැති බව ද අපි දනිමූ.

 

වේළුපිල්ලේ ප්‍රභාකරන් යනූ ඝාතන සංස්කෘතියක දුෂ්ට මැවූමකි. සයනයිඩ් සංස්කෘතියක විකෘති නිමැවූමකි. ප්‍රභාකරන් විසින් මේ රටෙි මිනිස් පවූල් කඩා බිඳ වෙන් කරමින් රටම මළගෙයක් බවට පත් කරන ලද බව අමූතුවෙන් කිව යූතු නැත. ප්‍රභාකරන්ගේ ඝාතනයට, පීඩනයට ලක් නොවූ ගමක්, නගරයක්, පවූලක් මේ රටෙි නො වී ය.

 

අද අවසන් වී තිබෙන්නේ ඒ ශාපයයි. මගතොටෙි, වැඩබිමේ, කෝවිලේ, පන්සලේ, දෙව් මැඳුරේ සැඟව සිටි ජනඝාතක සමාගම දැන් නිහඬව තිබේ. අක්‍රිය වී තිබේ. ඉතින් එය අපට, රටට සතුටක් නො වන්නේ ද? උතුරේ අහිංසක දෙමළ දරුවන්ගේ ගෙලට සයනයිඩ් කරල් එල්ලූ සිත් පිත් නැති මෘගයා මළවූන් අතරේ ය. එය අස්වැසිල්ලක් නො වේද?

 

ප්‍රභාකරන්ගේ හා ඔහූගේ දෙටූ නායකයන්ගේ පවූල්වලට හිමි වූ වරප්‍රසාද ජීවිත හා සූඛ විහරණවල අඩූවක් නොවූ බව ද දැන් ප්‍රසිද්ධ රහසකි. ජනතාවට විමූක්තිය ලබා දීමට ඒ ජනතාවගේ ඇස්, ඉස්, මස්, ලේ ගබඩා කළ තුච්ඡ නායකයකුගේ හා ඔහූගේ මෘග සගයන්ගේ අවසානය රටකට ශාන්තියක් නො වන්නේ ද?

 

ලෝක ඉතිහාසය කියවන කවරෙකු වූවද, අදත් හිටිලර් හා මූසොලිනීගේ නම්වලට කෙළ ගසති. ප්‍රභාකරන්ට හා ඔහූගේ ඝාතකයන්ට ඉතිහාසය තුළ ඊට වඩා වෙනස් ස්ථානයක් හිමි නොවන බව ද අපි දනිමූ. මේ මව්බිම හරහා ගලා ගිය රුධිර ගංගාවන් ද මේ මව්බිමේ ගොඩගසන ලද මිනී කඳුවලින් ද ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ තරම අපි දැන මැන ගත්තෙමූ. එහෙත් ප්‍රභාකරන්ට ඒ කිසිවකින් සැලෙන මනසක් නොවීම ඔහූට මේ ඉරණම අත්වීමට හේතු වූ බව ද අපි දනිමූ. එබඳු අපරාධකාරයකුගේ අවසානය රටකට අස්වැසිල්ලක් බව අපගේ ද විශ්වාසයයි.

 

ඝාතනය විසින්ම ඝාතකයකු ඝාතනය කරනූ ලැබ තිබේ. ඝාතකයාගේ ඝාතන සමාගම ද ඝාතනය කරනූ ලැබ තිබේ. ඒ වෙනූවෙන් කිරිබත් කන්නන්ට අපට දොස් කිව නො හැකි ය. ඒ වෙනූවෙන් රබන් ගසන්නන්ට ප්‍රීති උත්සව පවත්වන්නන්ට ද අපට දොස් කිව නො හැකි ය. අපි අවසන් වශයෙන් එක් දෙයක් කියමූ.

 

ප්‍රේමය, දයාව, මනූෂ්‍යත්වය නො තකා ක්‍රියා කරන කවරකුට වූවද ස්වභාව ධර්මයේ රැකවරණය හෝ ආශිර්වාදය හෝ නො ලැබෙන බව ය. මේ සියල්ල පිළිබඳ දාර්ශනික සත්‍යය එයයි.

 

කෙසේ හෝ ගම් දනව් වනසමින් වපූරන ලද ප්‍රචණ්ඩත්වයේ මැවූම්කරු නිහඬ කිරීමේ ඓතිහාසික වගකීම උර දරා ගත් මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ද අපි අපගේ කෘතවේදීත්වය පළ කරමූ. මේ ඓතිහාසික ජාතික මෙහෙවරට කැප වූ ගෝඨාභය රාජපකෂ නම් ආශ්චර්යවත් නායකයාට ද, අපගේ අභීත ත්‍රිවිධ හමූදාපතිවරුන්ට හා පොලිසියට ද අපගේ ප්‍රශංසාව පළකරමූ.

 

තිස් වසරක අඳුරු සෙවණැලි පහව ගොස් තිබේ. අප ගොදුරු කර ගන්නට සැලසූම් කළ බටහිර නඩය ද නිරුත්තරව සිටිති. යකෂයාගේ හෝරාව නිම වෙතැයි සිහිනෙනූදු නො සිතූ සියල්ලන්ම හඬද්දී අපට සිනා සීමට හැකි වී තිබේ. ඒ සිනහව රටට, දැයට ලබා දුන් හැමට ජාතියේ කෘතවේදීත්වය ද උත්තමාචාරය ද හිමි වනූ නිසැක ය.

 

 

හෙට ඉරක් පායයි. ඒ හිරු එළියෙන් පිබිදී අපි එකම දැයක්, එකම රටක් ලෙස යළි නැගී සිටිමූ. ඒ නිදහසේ උදානය අපට ජීවය ද, ශක්තිය ද, ලබා දෙනූ ඇත. මාගේ දේශය අවදි කළ විරුවනි, අපි ඔබට සදා ණයගැති වන්නෙමූ.

 

 

උපුටා ගැනීම දිවයින කතුවැකිය 2009 May 19

ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලියන්න දෙයකුත් නෑ නැත්තෙමත් නෑ………. ඒ නිසා මොනවා හරි ලියනවා කියලා හිතන් ආවා මේ පැත්තේ…………!! 

ගයාන් මල්ලිත් අහනවා, බ්ලොග් එක අමතක වෙලාද…..?? කියලා…….. එහෙමත් අමතක වෙනවද…….!! එලකිරි අඩවිය වගේම, බ්ලොග් එකත් නැතුව නිකන් කෑවත් නොකෑවා වගේ……….!! 

මුකුත් ලිවුවේ නැති උනාට, හැමදාම ඇවිත් බ්ලොග් බලලා යනවා……. කමෙන්ට් දාන්න නම්  යන්නේ නෑ……. මොකද අන්තිමට මගේ නමෙනුත් අර බ්ලොග් අවකාශෙට රිංගන් ඉන්න “මල පෙරේතයෝ” ටික කමෙන්ට් දාන්න ගත්තොත්….. මගේ නමටයි සවුත්තුව….. මොනවා උනත් ඒ වගේ වැඩ නම් අන්තිම කැතයි…………..!! 

මට අමතක උනානේ කියන්න…. දැන් මමත් ජොබ් එකකට යනවනේ….. පෙබරවාරි 5 වෙනිදා ඉදන්……!! Technical Support Officer of Resoflex IT Solutions (Pvt.) Ltd Borella. ප්ලේස් එක නම් එලකිරි……… දැනට නම් එච්චරටම වැඩ නෑ….. නමුත් නැත්තෙත් නෑ……!! වැඩක් නැති වෙලාවට ඉතින් බ්ලොග් කියවනවා…… එලකිරි අඩවියට රිංගලා ඉන්නවා….. (මේ දවස් වල නම් එලකිරි අඩවිය හැම වෙලේම ඩවුන් තමා…..!!) 

ගයාන් මල්ලියා වගේම මමත් වෙනදට නම් නයිට් ඩියුටි කලාට දැන් නම් මහන්සියට නින්ද යනවා…….ඒ නිසා දැන් Office එකේදි තමයි ජංජාලෙට සම්බන්ද වෙන්න වෙලා තියෙන්නේ………!! 

අදට ඇති නේද…………..!!

 

මගේ බ්ලොග් සටහනෙන්මගේ තාත්තාව ආසිරි ශල්‍ය රෝහලේදි මරාගත්ත හැටි ලියලා,බ්ලොග් ලියන්නන් ඇතුලුඅපේ සමාජය දැනුවත් කිරීමක් නොකලොත්මගේ තාත්තා මට සමාවක් දෙන එකක් නෑ….!!!

මම මේ සම්බන්ධයෙන් එලකිරි අඩවියෙත් දැනුවත් කිරීමක් කරගෙන යනවා…. කැමති අයට එලකිරි අඩවියට ගිහිල්ලත් මේ සම්බන්ධයෙන් බලන්න පුලුවන්….

මෙන්න ඒ සදහා ලින්ක් එක…. :- Please read this & avoid from these hospital

මේක මං දාන්නේ…..මේ වගේ දේවල් ගැන දැනුවත් කරන්න…..!!  

මේ ගැන හැමෝම දැනුවත් වෙන්න ඔනා නිසා, මම වෙනම පිටුවක්ම, මේ සදහා වෙන් කලා……… කරුණාකර මගේ බ්ලොග් අඩවියේ තිබෙන, මගේ තාත්තව මරපු හැටි….!!! පිටුව මත ක්ලික් කරන්න……!! 

පොඩි හරි කමෙන්ට් එකක් දාලා යන්න……… ඔයාලගෙත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් කියන්න…………!!

26 Jan, 2009

සිංහල යුනිකේත ප්‍රශ්නය….!!! (Mage blog eka penne nathi ayata)

පළකරන ලද්දේ : urajonline විසින් Sinhala Unicode තුලයි.

මමත් ඉතින් හා හා පුරා කියලා, මේ සිංහල බ්ලොග් එකත් ලියලා, මගේ ගෑනු ලමයි සෙට් එකටම, මගේ බ්ලොග් එක බලන්න කියලා, E-mail කලා කියමුකෝ….!!!

අනේ මෙන්න හැමෝම කතා කර කර කියනවා…. කොටු කොටු, එහෙමත් නැත්නම්, ?? ලකුණු ලු පේන්නේ….!!! 

පස්සේ තමයි මටත් මතක් උනේ…. සිංහල යුනිකේත install කරලා නැත්නම්, අපි මෙහෙම සිංහලෙන් කොච්චර ලියුවත්, කාටවත් පේන්නේ නෑ නේද කියලා හිතුනහම….!!! 

සිංහල යුනිකෝඩ් නැති පරිගණකයක් පාවිච්චි කරන කෙනෙකුට, අපේ මේ බ්ලොග් සටහන් පේන්නේ, කොටු කොටු විදිහට හරි, ප්‍රශ්නාර්ථ ලකුනු විදිහට හරි, තමයි නේ…. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නේද….??? 
ඉතිරිය කියවන්න »

26 Jan, 2009

බස් කෙරුවාව….!!!

පළකරන ලද්දේ : urajonline විසින් බස් කතා බස් තුලයි.

බස් කාරයෙක් ආවා කියලා…. කට්ටිය කෑ ගහන්නේ…. මීට පස්සේ මාවද bite එකට ගන්න හිතාගෙන ඉන්නේ….??? 

අනේ ඉතින් අහිංසක මං මොනවා කරන්නද බස් ගාස්තු වැඩි කරනවාට….!!! 

හැබැයි මේ ඊයේ පෙරේදා කරපු ගාස්තු විෂමතා ඉවත් කිරීම දැක්කහම නම්, මට අපේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්නේ කොච්චර මෝඩ මී හරක් රැලක්ද කියලා තේරුම් ගියා….!!!

 

380 කඩුවෙල සිට කිරිබත්ගොඩට යන බස් එකේ සියඹලාපේ සිට කිරිබත්ගොඩට රුපියල් 17 ක් අය කරනවා…. 

356 කරාබුගස් හන්දියේ සිට සිට කිරිබත්ගොඩට යන බස් එකේ සියඹලාපේ සිට කිරිබත්ගොඩට රුපියල් 14 ක් අය කරනවා….

 

එකම දුරකට ගාස්තු වර්ග දෙකක්….!!!  

මේකෙන් උනේ 380 බස් වලට, සියඹලාපේ සිට කිරිබත්ගොඩට සෙනග නගින්නේ නැති උනා…. 356 බස් වලට සියඹලාපේ සිට කිරිබත්ගොඩට සෙනග තව තවත් නැග්ගා….!!

දැන් කාලේ හැටියට කවුද කැමති රුපියල් 3 ක් වැඩිපුර දීලා බස් එකේ යන්න….??? 

මේ වගේ මෝඩ ක්‍රියා සිදු වෙන එක ඒතරම් අරුමයකුත් නෙවෙයි….!!!

මොකද බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සබාපති තුමා, ඉස්සර කලුතර හිටපු time keeper කෙනෙක් කියලයි මට නම් ආරංචිය….!!! 

ඉතින් මේ වගේ ගොඩාක් උගත් පුද්ගලයෝ, මේ වගේ තැනක සබාපති කෙනෙක් උනහම, මේ වගේ මෝඩ ක්‍රියා සිදු වෙන එක වලක්වන්නේ කොහොමද….???  

මෙහෙමත් එකක් තියෙනවා…. මේක මගේ අත්දැකීමක්…. බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේදිම (නමුත් මම කියන්නේ නැහැ කොහෙදිද කියලා නම්….)

බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේන් වැඩක් කරගන්න අපි ගියහම (මොකද අයිතිකරු පැමිනීම දැන් අනිවාර්ය කරලනේ….) බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්න සමහර නෝනලා, මහත්තයලා, හිතන් ඉන්නේ, අයිතිකාරයොත්, එයාලා වගේම මෝඩ මී හරක් කියලයි….!!! :P  

ඉතින් හතරට පහට නැවෙන්න ඔනා වැඩක් කරගන්න ගියහම….!!! :-(  

ඉතින් දවසක් ඔන්න මමත් ගියා කියමුකෝ ඔය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට…. ඉතින් ඔන්න බලන් ඉන්නවා, ඉන්නවා, වැඩේ කෙරෙන පාටක් නෑ…..

බලන් ඉදලා බැරිම තැන ගියා, ප්‍රාදේශිය කළමනාකරු ලගට…. ගිහින් දුන්න කඩ්ඩෙන් talk එක (මට තේරුනා ඌට මේ ලෝකේ දෙයක් නොතේරුනු බව මං කිව්ව….) අනේ ඒ වෙලාවෙම ප්‍රාදේශිය කළමනාකරු, පියන් කෙනෙක්ට කතා කරලා මේ මහත්තයගේ වැඩේ කරලා දෙන්න කිව්වා….!!!

තව පොඩ්ඩෙන් මගේ දවසම ඒ වැඩේට හිර වෙන එක, කඩ්ඩ දාලා talk කල නිසා විනාඩි 10ක් යන්න කලින් කෙරුනා….!!!

ඔන්න ඔහොමයි අපිට gas පෙන්වන මගී ප්‍රවාහන අධිකාරියේ කට්ටියගේ වැඩ….!!! 

මේ කට්ටියගේ වැඩ නිසා මට බස් එකේ මෙහෙම දැන්වීමකුත් දාන්න උනා….

බුද්ධිමත් මගී ජනතාව වෙත කෙරෙන කාරුණික දෑන්වීමයි.

 2009 ජනවාරි 06 වන දින සිට ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධනයට අනුව, මාර්ග අංක 380 බස් මාර්ගයේද, බස් ගාස්තු විෂමතා ඉවත් කර ඈති බෑවින්, 380 බස් මාර්ගයේද බස් ගාස්තු වල වෙනස් වීමක් සිදු කොට ඈත.

එබෑවින්, මේ පිලිබදව රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා සමග ගෑටුම් ඈතිකර නොගන්නා මෙන්, අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබ සෑමට ස්තූතියි.

 මේ පිලිබදව වෑඩි විස්තර සදහා පහත අංක අමතන්න.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව. – දුරකතන:- 0112-595555

බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය. – දුරකතන:- 0115-559595

ලංකා ගමනාගමන මණ්ඩලය. – දුරකතන:- 0112-368565

බස් කෙරුවාව එපා වෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි….!!!

 

February 2010
M T W T F S S
« Nov    
1234567
891011121314
15161718192021
22232425262728