බස් කාරයෙක් ආවා කියලා…. කට්ටිය කෑ ගහන්නේ…. මීට පස්සේ මාවද bite එකට ගන්න හිතාගෙන ඉන්නේ….???
අනේ ඉතින් අහිංසක මං මොනවා කරන්නද බස් ගාස්තු වැඩි කරනවාට….!!!
හැබැයි මේ ඊයේ පෙරේදා කරපු ගාස්තු විෂමතා ඉවත් කිරීම දැක්කහම නම්, මට අපේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්නේ කොච්චර මෝඩ මී හරක් රැලක්ද කියලා තේරුම් ගියා….!!!
380 කඩුවෙල සිට කිරිබත්ගොඩට යන බස් එකේ සියඹලාපේ සිට කිරිබත්ගොඩට රුපියල් 17 ක් අය කරනවා….
356 කරාබුගස් හන්දියේ සිට සිට කිරිබත්ගොඩට යන බස් එකේ සියඹලාපේ සිට කිරිබත්ගොඩට රුපියල් 14 ක් අය කරනවා….
එකම දුරකට ගාස්තු වර්ග දෙකක්….!!!
මේකෙන් උනේ 380 බස් වලට, සියඹලාපේ සිට කිරිබත්ගොඩට සෙනග නගින්නේ නැති උනා…. 356 බස් වලට සියඹලාපේ සිට කිරිබත්ගොඩට සෙනග තව තවත් නැග්ගා….!!
දැන් කාලේ හැටියට කවුද කැමති රුපියල් 3 ක් වැඩිපුර දීලා බස් එකේ යන්න….???
මේ වගේ මෝඩ ක්‍රියා සිදු වෙන එක ඒතරම් අරුමයකුත් නෙවෙයි….!!!
මොකද බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සබාපති තුමා, ඉස්සර කලුතර හිටපු time keeper කෙනෙක් කියලයි මට නම් ආරංචිය….!!!
ඉතින් මේ වගේ ගොඩාක් උගත් පුද්ගලයෝ, මේ වගේ තැනක සබාපති කෙනෙක් උනහම, මේ වගේ මෝඩ ක්‍රියා සිදු වෙන එක වලක්වන්නේ කොහොමද….???
මෙහෙමත් එකක් තියෙනවා…. මේක මගේ අත්දැකීමක්…. බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේදිම (නමුත් මම කියන්නේ නැහැ කොහෙදිද කියලා නම්….)
බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේන් වැඩක් කරගන්න අපි ගියහම (මොකද අයිතිකරු පැමිනීම දැන් අනිවාර්ය කරලනේ….) බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්න සමහර නෝනලා, මහත්තයලා, හිතන් ඉන්නේ, අයිතිකාරයොත්, එයාලා වගේම මෝඩ මී හරක් කියලයි….!!!
ඉතින් හතරට පහට නැවෙන්න ඔනා වැඩක් කරගන්න ගියහම….!!!
ඉතින් දවසක් ඔන්න මමත් ගියා කියමුකෝ ඔය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට…. ඉතින් ඔන්න බලන් ඉන්නවා, ඉන්නවා, වැඩේ කෙරෙන පාටක් නෑ…..
බලන් ඉදලා බැරිම තැන ගියා, ප්‍රාදේශිය කළමනාකරු ලගට…. ගිහින් දුන්න කඩ්ඩෙන් talk එක (මට තේරුනා ඌට මේ ලෝකේ දෙයක් නොතේරුනු බව මං කිව්ව….) අනේ ඒ වෙලාවෙම ප්‍රාදේශිය කළමනාකරු, පියන් කෙනෙක්ට කතා කරලා මේ මහත්තයගේ වැඩේ කරලා දෙන්න කිව්වා….!!!
තව පොඩ්ඩෙන් මගේ දවසම ඒ වැඩේට හිර වෙන එක, කඩ්ඩ දාලා talk කල නිසා විනාඩි 10ක් යන්න කලින් කෙරුනා….!!!
ඔන්න ඔහොමයි අපිට gas පෙන්වන මගී ප්‍රවාහන අධිකාරියේ කට්ටියගේ වැඩ….!!!
මේ කට්ටියගේ වැඩ නිසා මට බස් එකේ මෙහෙම දැන්වීමකුත් දාන්න උනා….
බුද්ධිමත් මගී ජනතාව වෙත කෙරෙන කාරුණික දෑන්වීමයි.
2009 ජනවාරි 06 වන දින සිට ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධනයට අනුව, මාර්ග අංක 380 බස් මාර්ගයේද, බස් ගාස්තු විෂමතා ඉවත් කර ඈති බෑවින්, 380 බස් මාර්ගයේද බස් ගාස්තු වල වෙනස් වීමක් සිදු කොට ඈත.
එබෑවින්, මේ පිලිබදව රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා සමග ගෑටුම් ඈතිකර නොගන්නා මෙන්, අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඔබ සෑමට ස්තූතියි.
මේ පිලිබදව වෑඩි විස්තර සදහා පහත අංක අමතන්න.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව. – දුරකතන:- 0112-595555
බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය. – දුරකතන:- 0115-559595
ලංකා ගමනාගමන මණ්ඩලය. – දුරකතන:- 0112-368565
බස් කෙරුවාව එපා වෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි….!!!
Recent Comments