26 Jan, 2009
සිංහල යුනිකේත ප්‍රශ්නය….!!! (Mage blog eka penne nathi ayata)
පළකරන ලද්දේ : urajonline විසින් Sinhala Unicode තුලයි.
මමත් ඉතින් හා හා පුරා කියලා, මේ සිංහල බ්ලොග් එකත් ලියලා, මගේ ගෑනු ලමයි සෙට් එකටම, මගේ බ්ලොග් එක බලන්න කියලා, E-mail කලා කියමුකෝ….!!!
අනේ මෙන්න හැමෝම කතා කර කර කියනවා…. කොටු කොටු, එහෙමත් නැත්නම්, ?? ලකුණු ලු පේන්නේ….!!!
පස්සේ තමයි මටත් මතක් උනේ…. සිංහල යුනිකේත install කරලා නැත්නම්, අපි මෙහෙම සිංහලෙන් කොච්චර ලියුවත්, කාටවත් පේන්නේ නෑ නේද කියලා හිතුනහම….!!!
සිංහල යුනිකෝඩ් නැති පරිගණකයක් පාවිච්චි කරන කෙනෙකුට, අපේ මේ බ්ලොග් සටහන් පේන්නේ, කොටු කොටු විදිහට හරි, ප්‍රශ්නාර්ථ ලකුනු විදිහට හරි, තමයි නේ…. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නේද….???
අපේ ගයාන් කල්හාර මල්ලියගේ මේ සටහනත් බලන්න….
http://galleman.com/blog/?p=23
මේ ප්‍රශ්නයට අපිට තවම විසදුමක් නැද්ද….??? ගොඩාක් දෙනෙක් Sinhala Unicode Install කරගන්න කැමතිත් නෑ…. RAM එක එහෙම එච්චර බලවත් නැති අය….
විශේෂයෙන් ගෑනු ලමයි එහෙම දන්නෙත් නැහැනේ, මේ සිංහල යුනිකේත තියා, සාමාන්‍ය්ය සොෆ්ට්වෙයා එකක්වත්, ඉන්ස්ටෝල් කරගන්න….??? ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ….???
අපේ ගයාන් මල්ලියට වගේම, මටත් හිතෙන්නේ, සිංහල යුනිකෝඩ් ස්ථාපනය මීට වඩා පහසු උනා නම්, ගොඩක් අය අතරෙ පැතිරෙයි, ගොඩක් අය, මේක දමා ගන්න කරදර වෙන්න කැමති නෑ නෙව….!!!
ප්ලගින් එකක් වගෙ පොඩි කරන්න පුලුවන් උනොත් හොඳයි කියල තමා මටත් හිතෙන්නෙ….!!!
Magee mee blog eka penne kotu kotu or ?? marks wage nam….a kiyanne sinhala unicode oyalage pariganakaye install karalaa nathi bawai. A nisaa karunaakara http://www.siyabas.lk gihin download karagena install karaganna….!!! Ehema nokara nam meeka balanawaa boru….!!!
Direct link for sinhala unicode downloading is http://www.siyabas.lk/sinhala_how_to_install.html
ඉතින් මේ ප්‍රශ්නයට බලධාරීන් විසින් උත්තරයක් හොයා ගන්නකම්…. කරුණාකර සිංහල යුනිකේත install කරගන්න….!!!
ඒක තමයි මගේ බ්ලොග් එක බලන්න එන ගෑනු දරුවන්ට කියන්න තියෙන්නේ මට….!!!
මමයි කියලා වෙන මොනවා කරන්නද….???
Recent Comments