Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

යුරාජ්ගේ සටහන ~ Uraj Online

29 Jan, 2009

මගේ තාත්තව ආසිරි ශල්‍ය රෝහලේදි මරපු හැටි….!!!

පළකරන ලද්දේ : urajonline විසින් වර්ගීකරණය නොකළ තුලයි.

 

මගේ බ්ලොග් සටහනෙන්මගේ තාත්තාව ආසිරි ශල්‍ය රෝහලේදි මරාගත්ත හැටි ලියලා,බ්ලොග් ලියන්නන් ඇතුලුඅපේ සමාජය දැනුවත් කිරීමක් නොකලොත්මගේ තාත්තා මට සමාවක් දෙන එකක් නෑ….!!!

මම මේ සම්බන්ධයෙන් එලකිරි අඩවියෙත් දැනුවත් කිරීමක් කරගෙන යනවා…. කැමති අයට එලකිරි අඩවියට ගිහිල්ලත් මේ සම්බන්ධයෙන් බලන්න පුලුවන්….

මෙන්න ඒ සදහා ලින්ක් එක…. :- Please read this & avoid from these hospital

මේක මං දාන්නේ…..මේ වගේ දේවල් ගැන දැනුවත් කරන්න…..!!  

මේ ගැන හැමෝම දැනුවත් වෙන්න ඔනා නිසා, මම වෙනම පිටුවක්ම, මේ සදහා වෙන් කලා……… කරුණාකර මගේ බ්ලොග් අඩවියේ තිබෙන, මගේ තාත්තව මරපු හැටි….!!! පිටුව මත ක්ලික් කරන්න……!! 

පොඩි හරි කමෙන්ට් එකක් දාලා යන්න……… ඔයාලගෙත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් කියන්න…………!!

"මගේ තාත්තව ආසිරි ශල්‍ය රෝහලේදි මරපු හැටි….!!!" සඳහා ප්‍රතිචාර 15 යි

1 | rahula

January 29th, 2009 at 1:29 PM

Avatar

URAJ MATA UBE DUKA UBATA VAGEMA DENENAVA UBE ONA DEKATA API ENNAWA MACHAN ASIRI EKA GENA MATA THIYENNE PILIKULAK UBA OYA KARANA DEIN UBE AGAME HETIYATA HODAK VEI MOKADA THAN VETUNA VALE ANUNTA VETENNA NODIMA NIYAMA GUNAYAK

2 | සරත් ගුණතුංග

January 29th, 2009 at 2:05 PM

Avatar

යුරාජ් මහත්මයා, ඔබේ පියානන්ගේ අභාවය ගැන ඉතාමත්ම කනගාටුයි, නමුත් ඔබ දක්වා ඇති කරුණු සලකා බලන විට තවත් පැත්තක් පෙනෙනවා. “මොලයේ නහරයක ලේ ගැලීමක්” කියන්නෙ ඉතාම බරපතල තත්වයක්. එහෙම තත්වයකින් ගැලවීම ඉතාමත් දුශ්කරයි. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වලට පිලියමක් වශයෙන් ශල්‍ය කර්ම කරත් බොහෝ විට ඒ ශල්‍ය කර්ම සාර්ථක වන්නේ නැහැ. මේ පිලිබඳව ශල්‍ය වෛද්‍යවරයාගේ අවවාදය විස්තර සහිතව ලබා ගත් යුතුව තිබුනි. සන්නි වේදනය පිලිබඳව වෛද්‍යවරු
විස්තර සහිතව රෝගීන්ට කියාදෙන්නේ නැහැ. එයට වෛද්‍යවරුන්ට පමණක් දොස් කීම වැරදියි. ඔවුන්ට සන්නිවේදනය, ඔවුන් පුහුනු වීමේදී උගන්වා නැහැ, ඒ ඕනම රටක හැටි. මේව දැන් තමයි වෙනත් රටවල්වලින් එලියට එන්නෙ. තවම ලංකාවේ වෛද්‍යවරුන්ට මානව සන්නිවේදන ක්‍රම උගන්වනවාද කියා මම දන්නෙ නැහැ. සමහර වෛද්‍යවරු මුදල් පසුපස හඹායන බව නම් මම එකහෙලා පිලිගන්නවා. ඒ නිසා වෛද්‍යවරයා සහ ඔබේ පවුල අතර කුමන සංවාදයක් ඇති වුනාද කියා මට කියන්නට අමාරුයි. ඔබේ පියාට වෙනත් රෝගී තත්වයන් තිබුනාද යන්නත් මෙතන බලපානවා. ඔහු ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යයෙන්ම ඔහුට යම්කිසි මානසික පීඩනයක් තිබිය යුතුයි. මේවා සැලකිය යුතු දේවල්. ඔබේ සටහනේ හැටියට වෛද්‍ය ලොකුකැටගොඩ මහතා හෑල්ලුවට ලක්කොට ඇතිබවක් පෙනෙනවා. මට මේ පිලිබඳව එකක් කියන්න පුලුවන්. ලංකාවේ ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට ලියා පදිංචි වීමට පිලිගත් ශල්‍ය වෛද්‍ය විදුහලක සාමාජිකයෙක් වීම අත්‍යාවශ්‍යයි. Royal College of Surgeons වගේ. FRCS කියන්නෙ රාජකීය ශල්‍ය වෛද්‍ය විදුහලේ සාමාජිකයෙක් කියන එක. ඒ මහත්මයා ගැන ඔබට ආරංචිය දුන් තැනැත්තා කියන දේ පිලිගැනීමට එක්කෝ ඒ තැනැත්තා ඉතා විශාල ශල්‍යවෛද්‍යවරයෙක් විය යුතුය, නැතහොත් ඔබ ඔපාදූප පිලිගන්නෙක් විය යුතුය. මිය යාමට වයස් සීමාවක් නැති බවත්, කුඩා දරුවන් පවා මිය යන බවත්, අපගේ මිය යාම අපේම කර්ම අනුව සිදුවන බවත් මතක තබාගන්න. මම වෛද්‍ය වරුන්ට පක්ෂපාතීව නොව, කථාකරන්නේ මධ්‍යස්ථව, මට පෙනෙන හැටියට බවත් සලකන්න

3 | manoj

January 29th, 2009 at 2:14 PM

Avatar

ඔබගේ පියාගේ අභාවය පිළිබද අපගේ කණගාටුව ප්‍රකාශකර සිටිනවා.

අද වෛද්‍ය වරයා කියන්නේ සල්ලි මැෂින් එකක්, වෛද්‍ය වරයා හිනා වෙන්නෙත් සල්ලි වලට විතරයි. ඒක නිසයි රජයේ රෝහලේ දී බැනල එලවන රෝගියා පුද්ගලික ප්‍රත්කාර ගන්න ගියවිට දී හොදින් කථා බහ කර ප්‍රතිකාර කරන්නේ.

4 | BeyondFrame

January 29th, 2009 at 7:10 PM

Avatar

Have you ever supported any NGO to protect human rights? If you haven’t done so, start today. NGOs are to save us!
Sorry about your farther, you could have save him if you ever supported NGOs.

5 | urajonline

January 29th, 2009 at 7:55 PM

Avatar

@ සරත් ගුණතුංග

මේ ලොකුකැටගොඩ නැමැති වැඩ බැරි දාසගේ වැඩ ගැන, අපිව දැනුවත් කරන ලද්දේ ලංකාවේ ස්නායු ශල්‍යකර්ම සම්බන්ධයෙන් සිටින හොදම Dr වන Dr. සුනිල් පෙරේරා මැතිතුමා…….. එතුමා තමයි, මගේ තාත්තගේ දෙවැනි ශල්‍යකර්මය කිරීමේදී, මේ කොන්දොස්තර ජාලිය විසින් උදව්වට ගෙන්වාගෙන තියෙන්නේ…………

Dr. සුනිල් පෙරේරා මැතිතුමා තමයි මා හට පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් අත ගැසීමට පෙර මේ කොන්දොස්තර ජාලිය ලොකුකැටගොඩ විසින්, මේ ශල්‍යකර්මය අනාගෙන ඇති බව……….!!

6 | තරිඳු

January 29th, 2009 at 9:08 PM

Avatar

යුරාජ්,
ප්‍රථමයෙන් ඔබේ පියා පිළිබඳ මගේ ශෝකය ප්‍රකාශකරමි.
දෙවනුව..
අපි රජයේ රෝහලකට ගියොත් සලකන විදිහ ආපහු අමුතුවෙන් කියන්ඩ පැහැදිලි කරන්ඩ ඕන නෑනෙ..
ඒ හින්ද පෞද්ගලික රෝහල් වලට යනව.. බැලුවම ඒකත් එකයි.. වෙනසකට තියෙන්නේ ඒකක මලොත් ඉන්න උන්ටත් මැරෙන්ඩ හිතෙනවා.. මොකද මැරෙන්ඩත් සෑහෙන වියදමක් යනවා..

මගෙ කකුලට කොන්ක්‍රීට් කැබැල්ලකින් තුවාල වෙලා මම ගම්පහ මහ රෝහලේ නැවතුනාම මට පැනඩෝල් දෙකක්වත් හම්බුනේ නෑ.. උණ සහලෝල.. මැරෙන්ඩ දෙන්ඩ බෑ කියල තාත්ත බලෙන්ම ටිකට් කපෝගෙන නවලෝක රෝහලට ඇතුල් කලා.. සතියක් විතර හිටිය..
‍සේලයින් දුන්න… බේත් දුන්න.. තුවාලෙ එහෙමමයි. උණත් එහෙමයි..
ඉඳල ඇතිවෙලා ගෙදර ආව.. බිල 90000 +

අන්තිමේදි ගම්පහ අලුතෙන්දාපු පෞද්ගලික රෝහලක දන්න වෛද්‍යවරයෙක් කියල ගෙදර ආපු දවසට පස්සෙ දවසෙ එතනට ඇතුල්උනා.. පස්සෙ දවසෙ දෙමළ වෛද්‍යවරයෙක් ඇවිත් බලල කිව්ව අද ඔපරේෂන් කරන්ඩ වෙනව.. දැනටත් කකුල නරක්වෙලා කියල..

අන්තිමේදි ඔපරේෂන් එකනං හරිගියා.. මාස 3-4ක් බේත් දාන තුවාලෙකුත් එක්ක ගෙදර ඇවිත් යන්තං හොඳකරගත්ත…

කකුල කැපුවනං කව්ද වගකියන්නේ..
රජය ?
නවලෝක රෝහල?
පරීකෂාකරපු වෛද්‍යවරු?

නෑ ඔය මොකෙක්වත් නෑ…

මමනං කියන්නේ මම කාටහරි යන්ඩ එපා කියන ලිස්ට් එකක් හැදුවොත්
අංක 01 – නවලෝක රෝහල
අංක 02 – ගම්පහ මහරෝහල

ඔය තත්වෙ උඩ අපි කොහෙටද යන්නේ …. මොකක්ද කරන්නේ?
කොන්දොස්තරල අපිව, අපේ දෙමව්පියන්ව, සහෝදර සහෝදරියන්ව, හිතවතුන්ව නීත්‍යානුකූලව මරාදමන තුරු… ආබාධිත කරන තුරු කර්මයට ඉඩ දී බලා සිටිය යුතුද?

විසඳුමක් නැද්ද? විසඳුමක් බලාපොරොත්තු විය යුත්තේ කාගෙන්ද?

@BeyondFrame
මේකත් fake එකක් නෙමේනං!
ඔය NGO නඩ තමා ඔය ලෙඩ්ඩුමරන පරබල්ලන්ගෙ පස්සලෙවකන්ඩ පස්සෙන් යන්නේ.. අන්තිමේදි ඩොකාට කම්මුලට ගැහුවත් රෙද්දේ හියුමන් රයිට්ස් කියාගෙන ගහපු එකාට කෙලවන්ඩ එන්නේ…

ඌ ගැහුවෙ ඇයි කියන එක උන්ටවත් උසාවියටවත් දැනගන්ඩ ඕනෙ නෑ..
ඇයි වාසිය තියෙන්නේ ඩොකා අල්ල ගත්තමනෙ

අනික NGO කෙරුවාවල් දැන් රටම දන්නවනේ..

7 | Upen+++

January 29th, 2009 at 10:54 PM

Avatar

ඔබේ පියා පිළිබඳ මගේ බලවත් ශෝකය ප්‍රකාශකරමි.

මේ කථාවේ දී වගේ මෙවැනි මරණ සාමාන්‍ය දේවල් කියල කවුරුහරි කියනවනම් ඒ කියන අයත් මේ වගේ වැඩ වල‍ට සම්බන්ධ අයම වෙන්න ඕන. මිනිස්සු නම් මැරෙනව තමයි, මී‍ට වැඩිය සුළු අසනීප වලිනුත් මිනිස්සු මැරෙන්න පුළුවන්. ඒත් මෙතනදි වැරදීමක් වෙලා තියෙනව කියල හොඳටම පේනවනෙ, ඒකනෙ දෙවෙනි පාර වෙනත් කෙනෙක්ගෙ උදව්වෙන් හරි වෙච්ච වැරැද්ද හදාගන්න උත්සාහ කරල තියෙන්නෙ.

ඒත් ජීවිතයත් මරණයත් අතර සටනකදි වැරදීම් වෙන්න බැරි බව මේ අය තේරුම් ගත යුතුයි. මුදලට කෑදර වෙන්නෙ නැතුව තමන්ට බැරි නම් මුල් අවස්ථාවෙදිම පුළුවන් කෙනෙක් ට භාර දුන්නා නම් ඉවරයිනෙ වැඩේ.

කොහොමත් සල්ලි පස්සෙ දුවන පුද්ගලික රෝහල් නම් ලෙඩ්ඩු යොදාගෙන ඒගොල්ලන්ගේ පරීක්ෂණ කරනවා, වැරදුනාම අපිට කොකා තමයි. අවයව ටිකත් ගලව ගන්න කථාවක් පහුගිය කාලෙ පැතිරිලා තිබුනා නේද? .. ඒත් අන්තිමේදි බිල ගෙවන්නත් එපායැ.. අපිට ඉතින් පාරම තමයි.

කොහොම වුනත්ඔබට අසාධ්‍ය රොගයක් ඇත්නම් කරුණාකරල කොළඹ ජාතික රෝහලටම යන්න පුරුදුවෙන්න.. වෙනස දැනගන්න පුළුවන්. තදබදයක් තිබුනත් අපිට ‍අපේ ජීවිතය ඊට වැඩිය වටිනවා නෙ…. නේද?

8 | Upen+++

January 29th, 2009 at 11:04 PM

Avatar

අයියෝ.. මට තව එක්ක අමතක වුනානෙ.. NGO කාරයන්ගේ හැටි පේනවා නේද?(4 Coment) කෙනෙක් මේ වගේ අසරණ වුනාම එලනව දැල.. NGO ව දුවවන්න තෙල් හොයනවා.. වෙච්ච දේ ගැනවත් හොයන්නෙ නැතුව ඩොලර් ලැබෙන පැත්තට කෑගහන මේ වගේ කපුටන් ගෙන්නම් ප්‍රවෙසම් වෙන්න……

9 | AgainstMethod

January 30th, 2009 at 12:39 AM

Avatar

යුරාජ්, ඔබේ තාත්තාට සිදුවූ දේ පිළිබඳව කණගාටුයි.
ඒත් සමාවෙන්න” මේ කොමන්ට් මෙතන සිද්ධ වෙන වෙනත් දෙයක් ගැන

@upen++

4 වෙනි කොමන්ට් එක beyondframe ඔය නමින් හඳුන්වය කෙනා දමාපු එකක් නෙවෙයි. මේ දවස්වල තියෙන අළුත්ම trend එක තමයි ඔය විදිය comments දාන එක. පොඩ්ඩක් හිතන්න. මේක යහපත් trend එකක් නම් නෙවෙයි.

10 | සරත් ගුණතුංග

January 30th, 2009 at 2:19 AM

Avatar

යුරාජ් මහත්මයා, සුනිල් පෙරේරා මහත්මයා, ලොකුකැටගොඩ මහත්මයා වරදක් සිදු කර ඇති බව පවසයි නම්, ඔහුගේ සාක්ෂිය මත ඔබ නීති මගින් ක්‍රියා කොට ඔබ වියදම් කර ඇති මුදල හෝ අඩු වශයෙන් ලබා ගත යුතුයි. මෙහිදී සුනිල් පෙරේරා මහත්මයාගේ සාක්ෂිය ඉතා බලවත් වෙනු ඇත. ශල්‍ය ක්‍රම ඉතා ක්‍රමානුකූල ලෙස රාජකීය ශල්‍ය වෛද්‍යවිද්‍යාලය මගින් නිර්දේශ කොට ඇත. ඊට පටහැනිව ක්‍රියා කරන්නන්ගේ සාමාජිකත්වය පවා අහිමි වීමට හේතු වී ඇත. ඔබ කියන දෙය සත්‍යයක් නම් මිනී මැරුමකත් ඔබේ පියාගේ අභාවයට හේතුවත් අතර වෙනස් කමක් නැති බව පෙනී යයි. මම වෛද්‍ය වරයෙක් වුවත් වැරදි කරන වෛද්‍ය වරුන්ට දඬුවම් දිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. මා වරදවා තේරුම් නොගන්නා ලෙස මම නැවත වරක් ඉල්ලා සිටිමි.

11 | කුෂාන් සසංක

January 30th, 2009 at 3:34 AM

Avatar

යුරාජ්…
ප්‍රථමයෙන්ම ඔබගේ පියාගේ මරණය පිළිබඳව මාගේ කණගාටුව ප්‍රකාශ කරමි.

ඔබ කියන ලද කතාවේ සඳහන් කොළඹ රටේ ආරෝග්‍යශාලා සහ වෛද්‍යවරුන් පිළිබඳව මම කිසි දෙයක් නොදන්නෙමි.

නමුත් මම එක් කතාවක් පැවසීමට කැමැත්තෙමි. මීට අවුරුදු එක හමාරකට පෙර මගේ ආදරණිය පියා මෙලොව හැර යාම‍ට මුල් වූ එක් හේතුවක් එයයි.

රෝහල් ගතව සිටින කාලය අතරතුර ඔහු මුහුණ දුන් සැත්කම් ප්‍රමාණය පෙන්වීම‍ට මගේ සුරතේ අතැඟිලිවත් ප්‍රමාණ නොවේ. ඊට හේතුව කරන ලද දෙවැනි සැත්කම තුලදී සිදුවූයේ යැයි පැවසූ අවසනාවන්ත සිදුවීමකි.

පළමු සැත්කම ඉතාමත් සාර්ථක වුවද, දෙවන සැත්කම කරන කල්හී අදාල වෛද්‍යතුමන් කොළඹ රෝහලක්වෙත මාරු කර තිබූ හෙයින්, වෙනත් උප වෛද්‍යවරයකුවෙත මගේ පියා යොමුකරනු ලැබිණි. ඔහු යටතේ සිදුවූ පළමු සැත්කම තුළදී සිදූවූයේ නම් මෙයයි. නියමාකාරයෙන් ජීවානුහරණය නොකළ සැත්කම් උපකරණ (කතුරු, පිහි ආදිය) භාවිතා කර තිබූ හෙයින් මගේ පියා පත්වූයේ, මෙතිසිලීන් නම් ප්‍රභල ප්‍රථිජීවක ‍‍‍‍ෙඖෂධයටත් මෙල්ල නොවන MRSA (Methicillin-resistant Staphylococcus aureus) නම් දරුණු විශබීජය ශරීර ගතවූවෙකුගේ තත්ත්වයකටයි. පසුව බොහෝ වෙද හෙද කම් කළද, ඒ කිසිවකින් පළක් නොවී ඔහු මෙලොව හැරයාමට තුඩුදුන් ප්‍රධාන හේතු අතර එයද එකක් වීය.

මෙතැනදී වෛද්‍යවරයා පිටම වගකීම පැවරීම නොකළයුත්තක් බව මාගේ හැඟීම වේ. මන්ද, කෙදිනකවත් වෛද්‍යවරයා කතුරු උණුවතුරේ දමා ජීවාණුහරණය නොකරණ නිසාවෙනි. එය හෙදියගේ හෝ ශල්‍යාගාර කම්මරුවාගේ කාර්ය භාරය වේ.

‍‍රෝහල් විසින් රෝගියා ගැන සොයා නොබලනවායැයි නොකිව යුතුය. (මා කතා කරන්නේ පුද්ගලික රෝහල් ගැන නොවේ) මන්ද යත් දිනකට රුපියල් අටදහසක් හෝ ඊට වැඩිගනනක් වියදම් කොට මාස ගනනක් පුරාවට MRSA සමඟ සටන් කිරීමට Vancomycin නම් ප්‍රථීජීවකය මගේ පියාට ලබා දීමට මා නම නොකියු රෝහල කටයුතු කලේය. එයම රෝගීයාටත්, පවුලේ අයටත් සැනසීමකි.

නමුත් පෙර කී ලෙස යම් යම් අකටයුතුකම් සිදුවනවානම් නිකරුණේ බලාසිටියද නොහැක. මන්ද මහජනයාගේ මුදල් වලට කවුරුත් වග කිවයුතු නිසාවෙනි.

ඔබ කී ලෙසම රාජ්‍ය රෝහල් පෙරට වඩා දැන් ඉතා උසස් සේවාවක් ජනතාවට සපයන බව නොවලහා කිව යුතුය. ඒ අතරම යම් යම් පිරිස් මා කී ලෙස මහා අතපසුවීමද කරති. මෙවැනි තැන් සෞඛ්‍යය සේවාවේ තවත් සුමට විය යුතු ස්ථානවේ. ක්‍රමයෙන් ඒවාද නිරාකරණය වෙනු ඇත. ඒ කාළය තුළ ජීවිතයෙන් වන්දි ගෙවන පිරිස දෙස “ඉස්සර කරපු කරුමේ තමයි” යන ඇසින් බලා දැනට නිහඬව සිටීමට සිදුව ඇත.

මා කියු කථාව ඔබගේ කථාවට කෙතරම් ගැලපේදැයි නොදනිමි. නමුත ඔබ වැනිම ගන්ධබ්භ සමයක් පසු කළ අයෙකු ලෙස මම ඔබට කෙට් උපදේශයක් දීමට කැමැත්තෙමි.

සිදුවූ දේ සිදුවී හමාරය. එවැනි දෙයක් නැවත නොවන්නට බල කරන්න‍ට මෙතෙක් ඔබ නැගූ හඬ හොඳටම ප්‍රමාණවත්ය. තව දුරටත් වෛරය සිත්හී දරා සිටීමෙන් අවාසි වන්නේද ඔබටමය. ඔබ නිහඬව සිටීමෙන් ඔබ පෙර කී වෛද්‍යවරුන්ට වාසි වන්නේ යැයිද නොකියමි. සැබෑ ලෙසම වරදක් කර ඇත්නම් ඔවුන්ට මේ ආත්මයේදී හෝ මතු ආත්මයක නියත වශයෙන්ම දඬුවම් ලැබෙනු ඇත. මන්ද ඔබත් මමත් ඉගෙන ගෙන ඇති පරිදී ස්වභාවධර්මය විසින් ලොවෙහි සියලු ධර්මතාවයන් තුලනය කරන බැවිනි. එය හැම විටම හොඳ විදිහටම සිදු වෙනු ඇත. එහිදී ඔබට කරන්නට දෙයක් ඉතිරි නොකරනුද ඇත.

සිතතුළ ඇති වෛරය ‍ඉවත් කර ගෙන පියා වෙනුවෙන් මතුවට ආගමිකව කල හැකි යමක් වේ නම් ඒ වෙත යොමු වන්න. එය ඔබ පුතෙකු වශයෙන් කරන නියම ක්‍රියාව විය හැක. මන්ද ඔබේ පියා වුවත්, ඔබ වෛරයෙන් වල්මත් වූ පුතෙකු ලෙස දිව්‍යලෝකයේ සිට දැකීම‍ට අකමැති වනු ඇත.

(මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණී – මා වෙනත් කෙනෙකු නිරන්තරයෙන් ම යොමු කරන්නේද රජයේ රෝහලක් වෙතමය)

12 | urajonline

January 30th, 2009 at 6:25 AM

Avatar

@ සරත් ගුණතුංග

ඔබ දොස්තර කෙනෙකුද නැද්ද බව මම නොදනිමි. නමුත්, ඔබ සිතනවාද Dr. සුනිල් පෙරේරා මැතිතුමා, තවත් දොස්තර කෙනෙකුට විරුද්ධව, මගේ පැත්තට කතා කරයි කියා………….??

සුනිල් පෙරේරා මැතිතුමා ආසිරි ශල්‍ය රෝහලේදී මා සමග එලෙස පැවසුවත් (මා හට පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් අත ගැසීමට පෙර මේ කොන්දොස්තර ජාලිය ලොකුකැටගොඩ විසින්, මේ ශල්‍යකර්මය අනාගෙන ඇති බව)

සුනිල් පෙරේරා මැතිතුමා මේ කොන්දොස්තර ජාලියට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කරයි කියා ඔබ සිතනවාද………??

13 | සරත් ගුණතුංග

January 30th, 2009 at 1:59 PM

Avatar

Dear Uraj,

The UCSC translater is not working this morning (NZ time) so I have to reply in English. I am not certain whether Dr Sunil Perera would give evidence against a colleague or not. In the country I am working it is essential that if there is any thing wrong in the procedures, he or she must give evidence to that effect. I know in Sri Lanka medical services are in a mess unfortunately, and it is the public who suffers.

14 | BeyondFrame

January 31st, 2009 at 4:08 AM

Avatar

යමෙකු මාගේ නමින් නීචයෙකු ලෙස ප්‍රතිචාර දක්වයි. ඉහත ප්‍රතිචාර මාගේ නොවේ.

@Upen+++
මාගේ බ්ලොගයේ ප්‍රතිචාර මට්ටමත් පාඨකයින් පිරිසත් ඉතාම ඉහල මට්ටමක පවතින්නෙ මා විසින් කාලීනව ඉදිරිපත් කරන ප්‍රබුද්ධ බුදිධි ගෝචර මාතෘකා නිසාවෙනි.

එන්ජීඕ වලට පක්ෂපාත හෝ සිංහල කොටියෙකු ලෙස මා හංවඩු ගසන ඊනියා ජාතිවාදින් හට නොතේරෙන්නේ උඩුගම් බලා පිහිණන වුන් ජාතියේ පිණට උපන් ශ්‍රේෂ්ඨයින් ලෙස පසු කාලීනව පිළිගැන්මට ලක්වූ බවයි. එසේ හෙයින් මාගේ මෙම වෑයම, ජනතාවට සත්‍ය කියා දීමේ උත්තරීතර කර්ත්‍යව්‍ය කොතෙක් බාධක අපහාස ඔස්සේ වුවද නොකඩවා කරගෙන යන බවයි. එය මා මුළුමහත් මිනිස් සංහතිය වෙනුවෙන් ම කරන් උදාර මිනිස් කටයුත්තකි.

15 | MAddy

April 23rd, 2009 at 12:07 AM

Avatar

What is this NGO crap mentioned in here???

ප්‍රතිචාර පෝරමය

 

January 2009
M T W T F S S
    Feb »
 1234
567891011
12131415161718
19202122232425
262728293031