Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

යුරාජ්ගේ සටහන ~ Uraj Online

26 Jan, 2009

අම්මෝ මෙහෙමත් මිල ඉහල යාමක්….!!!

පළකරන ලද්දේ : urajonline විසින් බස් කතා බස් තුලයි.

ඔන්න අදට නවතින්නම් කිව්වට, මං මගේ මුල්ම සටහනට, ඔයාලගේ ප්‍රතිචාර දැක්කහම (විදුලිය විසන්ධි කලෙත් නැති නිසා), ආයෙත් ආවා….

කාලිංග අයියා කියනවා වගේ, මමත් දැන් Internetholic කෙනෙක් වෙලයි ඉන්නේ….. ඒ වගේම මේ blog ලියන වැඩේටත් ඇබ්බැහි වෙයිද දන්නේ නෑ….!!!

මුලින් කියන්න ඕනා, මමත් එලකිරි අඩවියේ හොද සාමාජිකයෙක් (urajdrlk කිව්වහම හැමෝම දන්නවා) 2006 දි එලකිරි අඩවියට සම්බන්ධ උනත්, දැන් තමයි බැහැලා වැඩ කරන්නේ….!!! 

කෝ දැන් මම කියන්න හිතාගෙන ආව දෙයත් අමතක උනා කතාවෙන් කතාවෙන්….!! 

මගේ තාත්තව වැඩ බැරි දොස්තරයෙක් (ඇත්තටම කියනවා නම් ඌ කොන්දොස්තර කෙනෙක්) මරා ගත්තට පස්සේ, මං තමයි අපේ බස් ගැන බලා කියා ගන්නේ….!! ඉස්සරත් එහෙම තමයි…. (ඔන්න මං shape එකේම අපිට බස් තියෙනවා කියලත් කියා ගත්තා….hik hikz….)  

මගේ තාත්තව මරපු දොස්තරයා ගැනත්, ලගදිම මෙතන කියන්නම්.

එතකම් ඉන්න බෑ වගේ නම්, එලකිරි අඩවියට යන්න, මේ ලින්ක් එක මාර්ගයෙන් :- Pls read this & avoid from these hospital

http://www.elakiri.com/forum/showthread.php?t=126373

ඔන්න ආයෙත් මම මාතෘකාවෙන් පිට පැන්නා වගේ…….ඔන්න දැන් හරි නිවැරදි පීල්ලට enter කරගත්තා….!!! 

දැන් දවස් කිහිපයක ඉදලම අපේ එක බස් එකක් උදේට start වෙන්නෙම නෑ…. ඉතින් ලේලන්ඩ් තල්ලු කරලා start කරන්න පුලුවන් ජාතියක් නෙවෙයි නේ….???  

අන්තිමට ඊයේ උදේ start වෙන්නේ නැතුව බස් එක දුවන්න උනෙත් නෑ….!!

ඉතින් අන්තිමට battery එකක් දාන්නම උනා….!!! එකක් දාන්න උනා නම් ඉවසන්න තිබුනා battery දෙකම දාන්න උනේ නැතැයි…..!!!

මටමයි වෙන්නේ….!!!

ආයෙත් මම මාතෘකාවෙන් පිට….hik hikz…..!!! 

අම්මෝ battery වල ගනන්…..!!!

පසුගිය අවුරුද්දේ battery දෙකක් ගත්තේ 26,000 කට….. ඒකට දැන් 34,000 පුදුම මිල ඉහල යාමක් තමයි….!!! 

Battery කඩේ අදුරන නිසා 10,000 ගෙවලා ඉතිරිය පස්සේ දෙන පොරොන්දුව පිට battery දෙකම අරගෙන ආවා….

බස් ගාස්තු අඩු කරන්න කියලා කෑ ගහන කට්ටියට මට නම් කියන්න තියෙන්නේ, බස් ගාස්තු අඩු කරන්න පුලුවන්, මේ වගේ අමතර කොටස් මිලත් අඩු කරනවා නම්…..!!!

Diesel වැඩි වෙනකොට නැවත පුරවන ලද tyre මිල වැඩි උනා……. එහෙම උනත් diesel අඩු උනහම බස් ගාස්තු අඩු කලා……. ඒ උනාට tyre මිල වෙනසක් උනේ නෑ….!!!

මේ ව්‍යාපාරය මේ විදිහට නම් ඉදිරියට කරගෙන යන්න බොහොම අමාරුයි….!!! 

අපිටත් දැන් එපා වෙලා ඉන්නේ…. ආතල් එකට වගේ කරනවා….!!!

ඔන්න ඉතින් මමත් හා හා පුරා බ්ලොග් ලියන්න පටන් ගත්තයි කියමුකො…..!!!! 

ඔන්න මම නම් මේ වැඩේට අළුත් ඒ නිසා මගෙන් වැරැද්දක් උනොත් පෙන්වලා දෙනවට මගේ කිසිම අහිතක් නෑ….!!! 

ඔන්න එහෙනම් කොල්ලා වැඩේට බැස්සා…. කාටවත් කරදරයක් නෑ නේද මගෙන්….???

එහෙනම් ඉස්සෙල්ලම මගේ ගැන විස්තර ටිකක් කියලා ඉන්නම්කෝ….එහෙම හොදයි නේද….?? 

මගේ නම යුරාජ් දීමන්ත…. ටිකක් අමුතු නමක් වගේ දැනෙනවානම් ඉතින් සොරිම තමයි….!!! හැබැයි මට තේරුම් ගන්න බෑ ඇයි එතකොට කාටවත් ඉරාජ් කියන නමත් නිකං uncommon වගේ නොදැනෙන්නේ කියලා….???  

ගම බියගම (බියගම කිව්වට, ඔන්න මං නම් යකෙක්ටවත් බය නෑ හරිද…??) 

ඔන්න මේ පැත්තේ ආවොත් මාවත් මුනගැහිලා යන්න අමතක කරන්න එපා….!!

දැනට නම් වැඩ කරන්නේ Job Less Company එකේ තමයි….

OL (1998) කරපු කාලේ ඉදලා හැදුන පිස්සුව නම් තවම හොද වෙලා නෑ….!!  

Computer Field එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ආසාවෙන් හිටියත් හැම දෙයක්ම බාගෙට කරන එක මගේ ලොකුම හැකියාවක් තමයි ඉතින්….!!! (අනික මට සෙට් වෙන්නෙත් මොකක් හරි case එකක් තියෙන IT උගන්වන තැන් තමයි…. ඒ ගැන විස්තර තව ඉස්සරහට කියන්නම්කෝ….) 

මේ blog එකවත් දිගටම කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා….!!! 

මම මේ සිංහල blog ලිවිල්ලට පාත් උනේ අපේ මලින්තගේ, සුදාරකගේ…. (අම්මෝ නම් වශයෙන් කියන්න ගියොත් ඉවරයක් කරන්න බැරි වෙයි….) වැඩ දැකලා තමයි….!!  

අනික මාව මේ සිංහලෙන් ලිවීමට උනන්දු කල තවත් කෙනෙක් තමයි අපේ ගාල්ලේ ගයාන් කල්හාර මල්ලියා (බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලයි අම්මා නම් මට කියලා තියෙන්නේ…. ඒත් මේකා හොද කොල්ලා…. මාර helpful බුවා….) පොඩියට හිටියට හෙන වැඩ කාරයා…. ඔන්න ඉතින් ගයාන් මල්ලියටත් 1000 thank you කිවුවා ….!!! 

ආයේ ඉතින් අපේ එලකිරි අඩවියේ කට්ටියටම ස්තූති කරන්න ඕනා….මොකද මගේ ගොඩාක් Threads/Posts මම කරන්නේ සිංහල unicode වලින්…. ඉතින් ඒවා බලලා මට reply එකක් දාන හැමොටමත් ගොඩක් ස්තුතියි….!! 

අදට ඇති වගේ නේද….??? (මොකද, අද මගේ නිවස පිහිටි අඩවියේ විදුලිය විසන්ධි වෙන කතාවක් මට ඇහුනා….!!!)

ඒ නිසා අදට නවතින්නම්….!!  

හැමෝටම සුබ දවසක්….!!

 

March 2010
M T W T F S S
« Nov    
1234567
891011121314
15161718192021
22232425262728
293031